2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව ලබන 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එදිනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අයවැය දෙවනවර කියවිමේ විවාදය දින 04ක් පැවැත්වීමට තීරණයකර ඇති අතර එය ලබන 18 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙන අතර අයවැය විවාදය දිනපතා පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00ට සිදුකිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10වන දින පස්වරු 05.00ට සිදු කිරීමට නියමිතයි.
Discussion about this post