2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (31) ආරම්භ වනවා. මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් ගණන හයලක්ෂ පනස් නවදහස් පන්සිය පහළවක්.මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ තැපැල් ඡන්ද දායකයන්ට අද සහ හෙට (01) යන දෙදින තුළ පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා කාලය තුළ සිය රාජකාරී ස්ථානයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවයි.

මේ අතර, ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන අද සහ හෙට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව පොලිස් මූලස්ථානය පැවසුවා.ඊට අදාළ උපදෙස් පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් පුවත්