කාන්තා ලෝක කුසලාන 20-20 තරගාවලිය අද(21) ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.

රටවල් 10කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 8ක් සෘජුව තේරීපත් වී ඇති අතර බංග්ලාදේශය සහ තායිලන්තය සුදුසුකම් ලබා ගැනීමේ තරග ක්‍රීඩා කර ලෝක කුසලානයට තේරී පත්වී තිබේ.

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ශූරතාව  අවස්ථා 4කදී ඔස්ට්‍රේලියාව ජයගෙන තරගාවලිය ආරම්භයේදී යහපත් මානසික මට්ටමක සිටියි.

කෙසේවෙතත් එංගලන්තය සහ ඉන්දියාවද පසුගිය අවස්ථාවන්ට වඩා මෙවර යම්තාක් දුරට දක්ෂාතා අතරට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක කුසලානය ආරම්භ කරමින් පළමු තරගය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද සිඩ්නිහිදි පැවැත් වීමට නියමිතයි.

මෙවර ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට චමරි අතපත්තු නායකත්වය ලබා දෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය පෙබරවාරි 22 වැනිදා නවසීලන්තය සමඟ පැවැත්වෙයි.

ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු 8වැනිදා මෙල්බන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්