20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ කමිටුව අද (14) රැස්වෙයි.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් නව ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු සමාලෝචනය කිරීම සඳහා කමිටුව අද රැස්වීමට නියමිතය.
උදය ගම්මන්පිල, අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ ,සුසිල් ප්‍රේම්ජයන්ත්, එස්.විලේන්ද්‍රන්, ඩිලාන් පෙරේරා හා ප්‍රේමනාත් සී.දොලවත්ත යන එම කමිටුවට ඇතුළත් වේ.
කමිටු සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ, කමිටුව විසින් සකස් කරන වාර්තාව සැප්තැම්බර් මස 15 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමට කටයුතු කරන බවය.
Discussion about this post