ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතය හේතුවෙන් වන බලපෑම අඩුකිරීමේ වැඩකටයුතු සඳහා යුරෝ මිලියන 2ක ආධාරයක් ලබාදීමට යුරෝපා සංගමය ක්‍රියා කර තිබේ. එම ආධාරය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙරටට ලබාදීමට කටයුතු කෙරේ.
කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර සේවාවල ඵලදායීතාවය ඉහළ නැංවීම මෙන්ම ආසාදන වැලැක්වීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙම මූල්‍ය සහාය යොදාගනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ ප්‍රකාශ කළේ, “ගෝලීය හා දේශීය වශයෙන් කොවිඩ්-19 රෝගීන් අඛණ්ඩව ඉහළ යාම, වසංගතය අවසන් වී නැති බව අපට මතක් කර දෙයි. යුරෝපා සංගමයේ කාලෝචිත හා උපායමාර්ගික සහයෝගය මඟින් කොවිඩ්-19 සඳහා ශ්‍රී ලංකාවේ සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම, රෝගී ප්‍රතිකාර සේවා, අවදානම සන්නිවේදනය සහ ප්‍රජා සහභාගීත්වය, ආසාදන වැළැක්වීම සහ පාලනය සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අංශ කෙරෙහි අවධානය යොමු කරනු ඇත,” යනුවෙනි
Discussion about this post