ළැව්ගිනිවලින් දැඩි බලපෑම් එල්ලවූ ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර කලාපයට තද වැසි ඇදහැලෙමින් තිබේ.

මේ සමඟ සිඩ්නි නගරයට ගංවතුර අවධානමක්ද මතුව ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර කලාපයේ පිහිටි නිව් සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට ධාරාණිපාත වැසි ඇඳහැලෙමින් තිබේ.

ප්‍රාන්ත දෙකේ ඇතැම් ප්‍රදේශවලට වසර දෙකකට පසුව ඇඳහැලුණු වැඩිම වර්ෂාපතනය මෙය බවද එරට වාර්තාවල සඳහන්.

වර්ෂාවත් සමඟ සිඩ්නි ඇතුළු නගර කිහිපයකට ගංවතුර අවධානමක්ද මතුව තිබේ.

පසුගිය කාලයේදී මෙම ප්‍රාන්ත දෙකට ළැව්ගිනිවලින් දැඩි බලපෑම් එල්ල විය.

මේ හේතුවෙන් වර්ෂාපතනය එම ප්‍රාන්තවල වැසියන්ට මහත් අස්වැසිල්ලක්වී ඇති බව සඳහන්.

කෙසේ නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් සති අන්තයේදී මෙම කලාපයේ වෙරළ තීරය සංචාරකයන්ට වසාදමා තිබේ.

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය ඉදිරි සතිය තෙක් පවතිනු ඇති බවට කාලගුණ බලධාරීන් නිවේදනය කර තිබේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 500 ඉක්මවූ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද කාලගුණ වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

මෙන්න බලන්න තවත් පුවත්