කුඩා දරුවන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පසු ගිය දින වලදී සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වූ වීඩියෝ පට පිටුපස සංවිධානත්මක ක්‍රියාවලියක් ඇති බව දේශපාලන විචාරකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතා පවසයි.

පොලීසිය හා ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ හා විමර්ශන කටයුතු කර ගෙන යන පසුබිමක ළමුන්ට මෙසේ වුයේ කුමන හේතුවක් මතද යන්න පැහැදිලි කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කුඩා අවධියේදී දරුවන්ට ඇති කුතුහලය හේතුවෙන් විවිධ අත්හදාබැලීම් වල යෙදෙන අතර කුඩා වයසේදීම තරුවක් වීමට ඔවුන් දැඩි කැමැත්තක් දැක්වීම හේතුවෙන් විවිධ ක්‍රියාකාරම් වල ඔවුන් නිරත වීමට උත්සහ දරන බව ඔහු පවසයි.

මෙම දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම ඔවුන් තුලින්ම මතු වූ අහඹුවක් නොවන බවත් එය වැඩිහිටි පිරිසකගේ අනුදැනුම හා උපදෙස් මත සිදු වූ සංවිධානාත්මක ක්‍රියාවලියක් බව ඔහු සාක්ෂි ඇතිව පහත වීඩියෝවේ පෙන්වා දෙයි.

එහිදී එක් දරුවකුව මේ සඳහා දිරිගන්වමින් පොළඹවන වැඩිහිටි පිරිසක් ක්‍රියාකරන ආකාරය පැහැදිලි වේ.

මේ අතර පසුගිය කාලයේ සමාජය තුළ විවිධ රැළි ගොඩනැගීමට දායක වූ ඉරාජ් වීරරත්න මෙම කුඩා දරුවන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධියට පත්වන විට ඒ හරහාද එහි වාසිය තමාට ලබා ගැනීමට ඔහු විසින් මෙහෙයවන සමාජ මාධ්‍ය ජාලා පිටු හරහා ක්‍රියාකර ඇති බවට දර්ශන හඳුන්ගොඩ මහතා පවසයි.

ඉරාජ්ගේ අතීතය පිරික්සුමේදී ඔහු බොහෝවිට උත්සහ දරා ඇත්තේ සමාජයේ ඍණාත්මක දෙයක් හරහා හෝ තමාට වාසියක් අත් කරගැනීමට බව ඔහු සඳහන් කරයි.

නමුත් වර්ථමානයේ ඉරාජ් වීරරත්න මෙවැනි ක්‍රියාකාරකම් සඳහා මැදහත් වන්නේ හිටපු සංගීතවේදියෙක් ලෙස නොව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ වැටුප් ලබන අධ්‍යක්ෂක වරයෙක් ලෙස බව ඔහු පවසයි.

ආණ්ඩුවේ දේශපාලන පත්වීමක් ලබාගෙන, ආණ්ඩුවෙන් වැටුප් ලබාගෙන විශේෂයෙන්ම රටේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යක්ෂක ධුරයෙන් පිදුම් ලබපු පුද්ගලයකු මෙවැනි දේ සඳහා තම දායකත්වය ලබා දෙන්නේනම් ඒ සඳහා ආණ්ඩුවේ අනුමැතිය ද ලැබී ඇති බව දර්ශන හදුන්ගොඩ චෝදනා කරයි.

මෙන්න බලන්න තවත් පුවත්