මහනුවර, කුරුණෑගල මාර්ගයේ ගලගෙදර පොලිස් ස්ථානය ඉදිරිපිට යොදන ලද ක්ෂණික මාර්ග බාධකයේ දී ගලගෙදර පොලීසිය විසින් යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(16) දහවල් 12.30ට පමණ ක්ෂණික ‍මාර්ග බාධකයේ දී ගලගෙදර පොලීසිය විසින් මෙම යතුරුපැදිය අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 440 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25 ක් හා 31 ක් යන වයස්වල පසුවන වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

සැකරුවන් අද(17) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගලගෙදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙන්න බලන්න තවත් පුවත්