හගුරන්කෙත පොලිසියේ බුද්ධි නිලධාරීන් විසින් හෙරොයින් ප්‍රවාහනය කල පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (23) රාත්‍රියේදී හගුරන්කෙත, දියතිලකපුර ප්‍රදේශයේදී සිදු කෙරුණා.

පොලිසියට ලැබුන තොරතුරක් අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව සැකකරුගේ යතුරුපැදියේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 42ක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු නවගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකු බව පොලිසිය සඳහන් කළා.

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්