ඉන්දීයාවේ හින්දු සහ මුස්ලිම් කණ්ඩායම අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ. 

මතභේදාත්මක නව ඉන්දීය පුරවැසි සංශෝධන පනතට පක්ෂ සහ විපක්ෂ පිරිසක් අතර අදාල ගැටුම ඇති වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය. 

ඉන්දීයාවේ මෙම පුරවැසි පනත එරට ආගම් භේදයකට හේතුවී ඇති බව වාර්තා වේ. 

පුරවැසි සංශෝධන පනත මුස්ලිම් විරෝධි බව ඇතැම් විචාරකයින් පෙන්වාදී ඇත. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීයාවේ පළමු නිල සංචාරය අතරතුර මෙම ගැටුම් ඇති විම විශේෂත්වයක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. 

මෙන්න බලන්න තවත් පුවත්