වෛරස මර්දනය වෙනුවෙන් සේවයේ නියුතු සෞඛ්‍ය අංශ වෙනුවෙන් අපූරු වාදනයක් ඉදිරිපත් කළ පිරිසක් පිළිබඳව පුවතක් උස්බකිස්තානයෙන් වාර්තා වෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය මේ වනවිට ඉතාමත් වේගයෙන් ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතී.

ඉන් බෝල්ෂවික් කලාපීය රාජ්‍යයක් වන උස්බකිස්තානයටද බලපෑම් එල්ල වී ඇති අතර, එරටින් වාර්තා වූ ආසාදිතයන් ගණන 555ක්.

මෙවන් පසුබිමක වෛරස මර්දනය වෙනුවෙන් සේවයේ නියුතු සෞඛ්‍ය අංශ වෙනුවෙන් එරට වාදක කණ්ඩායමක් මෙසේ වාදනයක් ඉදිරිපත් කර තිබුණි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් සිදුකළ මෙම වාදනය සඳහා එක්ව සිටියේ උස්බෙක් පොලිස් තූර්ය වාදන කණ්ඩායමේ පිරිසක්.

30දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම සිය වාදනය ඉදිරිපත්කළේ තම නිවෙස්වලම සිටයි.

කොවිඩ් මර්දනය සදහා උස්බෙකිස්තාන රජය සංචරණ සීමා පැනවීම සහ සමාජ දුරස්තකරණය දිරිමත්කිරීමේ වැඩපිලිවෙල රැසක් ක්‍රියාත්මක කර තිබේ.

කෙතරම් පියවර ගෙන ඇතත් සෙසු සෑම රටක මෙන්ම එරටින්ද දෛනිකව ආසාදිතයින් වාර්තා වීම විශේෂත්වයක්.

මෙන්න බලන්න තවත් පුවත්