කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලයේ සේවකයකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමගින් එම තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වනවා.
අදාළ ආසාදිත සේවකයාගේ ආශ්‍රිත සේවකයන් සහ අනෙකුත් ආශ්‍රිතයන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කෙරෙනවා.
එසේම තැපැල් කාර්යාලය විෂබීජහරණ කටයුතු සිදු කෙරෙන අතර තැපැල් කාර්යාලය යළි විවෘත කරන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ.
Discussion about this post