සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයන් තමනට පොරොන්දු වූ පරිදි ලබා දෙන ලෙස
රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් ගේ නායකත්වයෙන් යුතු පක්ෂ විසින් ඉල්ලා තිබේ.
මැතිවරණයට කලින් එකග වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දිය යුතු බව ඔවුන් පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත දැනුම් දී ඇත.
දැනට ප්‍රසිද්ධ කර ඇති ජාතික ලයිස්තුව තම අනුදැනුමකින් තොරව ප්‍රසිද්ධ කර ඇති බවත්
ඊට විරෝධය පළ කරන බව ඔවුන් තරයේ සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු ජාතික ලැයිස්තුව නම් කිරීමට නියමිතය.
දැනට ජාතික ලැයිස්තුව සඳහා සමගි ජනබලවේගයට මන්ත්‍රී දුර 07ක් ලැබී ඇත.
Discussion about this post