පුත්තලම කඩුමයාකුලම් ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත පුද්ගලයා සුවය ලැබීමෙන් පසු ඊයේ (10) නැවත සිය නිවස කරා පැමිණ තිබුණා.

ඔහුට සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ නිවසේ සිට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙසයි.

නමුත් මෙම පුද්ගලයා එසේ නොයිඳ ප්‍රදේශයේ වෙනත් නිවාස කරා ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ පිළිබඳ සෞඛ්‍ය අංශ එම පුද්ගලයාට දැඩි ලෙස අවවාධ කර ඇති බවද, දැඩි නීති රීති පනවා ඇති බවද සඳහන්.

ඔහුගේ බිරිඳ සහ දරුවන් මේ වන විට අංගොඩ IDH රෝහලේ සහ නිරෝධායන මධ්‍යස්ථාන වල ප්‍රථිකාර ලබන බවයි අප වාර්ථාකරු සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් පුවත්