තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනෙකු අද දිනයේ මෙලෙස පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 187 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

වෛරස ආසාදිතයින් 523 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

මීට  අමතරව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 137 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව ද වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මෙන්න බලන්න තවත් පුවත්