අද (21) සහ හෙට (22) යන දෙදින තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය පවසනවා.
ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය සිය සේවකයින්ට දැනුම් දී ඇත්තේ සියලු බස්රථ ධාවනය කරන ලෙසයි.
මේ අතර, කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ සති අන්තයේ සියලු මගී දුම්රිය ප්‍රවාහන කටයුතු නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එහෙත් හුදකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර
එවැනි ක්‍රියාවක නිරත වීමට උත්සාහ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලීසිය පවසනවා.
Discussion about this post