මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර අනිද්දා සිට දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා විවෘත කරනු ලබන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම කෞතුකාගාර පසුගිය දින කිහිපයේදී වසා දමා තිබුණා.
කෙසේ වෙතත් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉදිරියේදී සංචාරකයින් සඳහා ගුවන්තොටුපල විවෘත කරන බැවින් මෙලෙස පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුරය යන ප්‍රදේශවල පිහිටි මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සියලුම කෞතුකාගාර සෞඛ්‍ය නිර්දේශ යටතේ අනිද්දා විවෘත කරන බවයි.
Discussion about this post