ගන්දර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකුට වෙඩි වැදී තිබෙනවා.
පොලිසිය පැවසුවේ තුවාල ලැබු සැකකරු මාතර මහ රෝහලට ඇතුළත් කළ බවයි.
අදාළ සැරයන්වරයා වැඩ තහනමට ලක්කර මාතර පොලිසියට මාරු කර යවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.
Discussion about this post