සරාගී නිරූපන ශිල්පී Kim Kardashian හා රැප් ගායක Kanye West ගේ අවුරදු හයක විවාහ ජීවිතය අවසන් කිරීමට අසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ දරුවන් හතර දෙනෙක් සිටින මේ දෙදෙනා අතර පසුගිය වසරේ සිට විවිධ මත ගැටුම් ඇතිව තිබෙන බවත් විවාහයෙන් වෙන් වීමට පසුගිය කාලයේ සිට මේ දෙදෙනා කටයුතු කර ඇති බවයි.
මේ වෙද්දී දෙදෙනා වෙන් වීමට තීරණය කර ඇති බවත් නුදුරේදීම දෙදෙනාගේ දික්කසාද සිදුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
පසුගිය දෙසැම්බර් මස සිට දරුවන් හතර දෙනා සමඟ කිම් වෙනම ජිවිතයක් ගත කරන බවත් පැවසෙනවා.
දෙදෙනාගේ විවාහය දික්කසාදය දක්වා දුරදිග යෑමට හේතු වී ඇත්තේ කිම්ගේ සැමියා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම බවයි සඳහන් වන්නේ.
එමෙන්ම පසුගිය ජුනි මස සිට කිම්ගේ සැමියා මානසික ආතතියකින් පෙළුණු බවත් ජුලි මස 27 වැනිදා දෙදෙනා වාහනයේ ගමන් කරමින් තර්ක විතර්ක කරගනිමින් සිටි බවත් ඒ අවස්ථාවේ කිම් හඬමින් සිටි බවත් දැක්වෙන ඡායාරූපයක්ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබෙන ආකාරය ද දැක ගන්නට පුළුවන්.
Discussion about this post