සමගි ජනබලවේගයේ පළමු කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (25) ඇතුල්කෝට්ටේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී ආරම්භ වී ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම මෙහිදී පක්ෂයේ නව සංවිධායකවරුන් සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිත ඇත.
මෙහිදී නව ආසන සංවිධායකවරුන් 110 දෙනෙකුට අනුමැතිය ලබා ගන්නා බව පක්ෂයේ ජාතික සංවිධායක පලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේය.
මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සමගි ජනබලවේගය මූලිකත්වයෙන් ගොඩනගන නව සන්ධානයක් සම්බන්ධයෙන්නද,ව සාමාජිකයින් බඳවා ගැනීම මෙන්ම, විපක්ෂයේ ඉදිරි කාර්ය භාරය සම්බන්ධයෙන් ද අවධානය යොමුවන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Discussion about this post