මේ ඉන්න පුන්චි දැරිය ඉන්නේ පිලිපීනයේ.එයාගේ නම Rhea Bullos. එයාට වයස 11යි.එයා මලල ක්‍රීඩාවට ගොඩක් දක්ශයි.මෙයා අන්තර්ජාලය පුරා ගොඩක් ප්‍රසිද්ධ වුනේ මෙයාට මලල ක්‍රීඩා කරන්න සපත්තු නැති නිසාමත්ම නොවේ.මේකට හේතු වුනේ මෙයා අතින් හදා ගත්ත Nike ලාන්චනය ඇදපු පටියක් කකුලේ හැඩයට සපත්තුවක් වගේ පැලදගෙන ඉන්න නිසයි

මේ සිද්දියෙන් මේ පොඩි දරුවා ලෝකයට ඔප්පු කලේ වටිනා සපත්තු වලට වඩා මලල ක්‍රීඩකයෙකු සාර්ථක වෙන්නේ අදිශ්ඨානයෙන් සහ ආශාවෙන් කියලයි.ඉස්සෙලාම ඇයගේ පුහුනුකරු තමයි ඇය ඇගේ තාවකාලික Nike සපත්තු දාගෙන රන් පදක්කම් 3ක් දිනා ගන්න පින්තූර ෆේස්බුක් එකේ පල කලේ.ඊටපස්සේ මේ සිත් ගන්නා සුලු කතාව ගැන ගොඩක් දෙනෙක් කතා වෙන්නට පටන් ගත්තා.

මේ පුන්චි දැරිය මීටර් 400 ඉසව්ව, මීටර් 800 ධාවන පථය සහ මීටර් 1500 ධාවන තරඟ සඳහා රන් පදක්කම් ලබා ගෙන ඇති අතර ඉලෝයිලෝ පාසල් ක්‍රීඩා කවුන්සිලේ දීත් අනෙකුත් ප්‍රාථමික පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ව පරාජය කර ඇත. ඇය ඇයගේ පාසල නියෝජනය කළේ Salvacion ප්‍රාථමිකයේ දීය.

පිලිපීනයේ CNN සම්මුඛ සාකච්ඡාවකදී, ඇයගේ පුහුනුකරු ඇයගේ මේ ජයග්‍රහණ ගැන ගොඩක් සතුටු වුනා වගේම හරියට සපත්තු නැති උනත් ඇය නිතරම වෙහෙස මහන්සි වී පුහුණුව ලබනවා කියා කියුවා.ජීවිතයේ දුෂ්කරතා මැද වුනත්, ගොඩක් නෙට්සින්වරු Rhea ගේ නොපසුබට උත්සාහය ගොඩක් අගය කරා.

ඇය “පිලිපීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දහිරිය ගැන පෙන්වූ හොද උදාහරණයක්” කියලා සමහර අය කියන අතර තවත් සමහරු ඇයගේ ක්‍රීඩා ජීවිතයට මොනා හරි පරිත්‍යාග කරන්නට පුලුවන් අයව සොයලා දුන්නා .එවිට ක්‍රීඩාවට තවදුරටත් දක්ෂතා දැක්වීමට අවශ්‍ය උපකරණ මේ ළමයාට ලබා ගන්නට පුලුවන්.

පුහුණුකරුට කියන විදියට, මේ පුන්චි දැරිය කවදා හරි දිනෙක Palarong Pambansa කියන (ජාතික ක්‍රීඩා) සහ අග්නිදිග ආසියානු (SEA) ක්‍රීඩා උළෙල වල තරඟ කිරීමට සිහින දකිවා ලු.”ඇයගේ මේ අධිෂ්ඨානය වගේම ශක්තිය එක්ක අනාගතයේ මේ සිහින ඔක්කොම සැබෑ වෙනවා කියලා අපිට විශ්වාසයි”කියා පුහුනුකරු කීවේය.

මෙන්න බලන්න තවත් පුවත්