සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවලින් කාර්යය මණ්ඩල සාමාජිකයින් රැකියා ස්ථානයට ගෙන්වා ගැනීමට අත්‍යවශ්‍ය වූ අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දී ඒ ඒ අවස්ථාවට අනුකූලව අවසර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඒ සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා -I) 011 2671660 යන ෆැක්ස් අංකය වෙත පණිවිඩයක් යැවිය යුතු බවයි.
මේ අතර,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ වැඩිදුර විමසුම් සඳහා 0117-966399 යන දුරකථන අංකය ඇමතිය යුතු බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම පියවර ගෙන ඇත්තේ කොවිඩ් මර්දන කටයුතු පහසු කරවීම සඳහා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ ගණනාවක දැඩි සංචරණ සිමා පනවා ඇති නිසාඑම ප්‍රදේශවලට හෝ එම ප්‍රදේශවලින් පිටතට මහජන සංචරණය දැඩිලෙස සීමාකර ඇති හෙයින් දිවයිනේ අනෙක් ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙනයැමට අනිවාර්යයෙන් අවශ්‍ය පිරිස් ඉහත ප්‍රදේශවලින් ගෙන්වා ගැනීමට නොහැකිවීම ගැටලුවක් වීම හේතුවෙනුයි.
Discussion about this post