කිතුණුවන්ගේ දින 40ක සුදානම් වීමේ කාලයකින් පසුව එළැඹෙන ශුද්ධ වූ සතිය තුළ මහා සිකුරාදා සහ පාස්කු ඉරිදා දිව්‍ය පූජාවන් සඳහා බැතිමතුන් දේවස්ථාන වලට ඒකරාශී නොකිරීමට කතෝලික සභාව තීරණය කර තිබෙනවා.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය ඉරිදා (29) රූපවාහිනීයේ විකාශය වූ විශේෂ ඉරිදා දිව්‍ය පුජාවකදී අදහස් දක්වමින් කියා සිටියේ ශුද්ධ වූ සතියේ සියලුම දිවය පූජාවන් රූපවාහිනියෙන් විකාශනය කිරීමට කටයුතු යොදන බවයි.

ශුද්ධ වූ සතියේ මහ බ්‍රහස්පතින්දා, මහ සිකුරාදා, ආලේලුයියා සෙනසුරාදා සහ පාස්කු ඉරිදා සියලුම විශේෂ දිව්‍ය පූජාවන් රූපවාහිනී සේවා ඔස්සේ විකාශය කෙරේ. ”යනුවෙන් උන්වහන්සේ පැවසීය.

එමඟින් කතෝලික බැතිමතුන්ට නිවසේ සිට දිව්‍ය පූජා සඳහා සහභාගී වීමට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

රටේ වර්තමාන තත්ත්වය හේතුවෙන් කිසිදු දේවස්ථානයකට විශාල වශයෙන් ජනතාව රැස් නොකිරීමට තීරණය කර ඇති බව කතෝලික සභාව පැවසුවේය

මෙන්න බලන්න තවත් පුවත්