• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-21 | 12:15 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22 ‍| 8:30 am
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

මාර්ගාරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සචීන් ටෙන්ඩුල්කාර ප්‍රමුඛ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ අවසන් මහ තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම, ලකුණු 14කින්  පරාජය කරමින්.

අවසන් පන්දුවාරය තෙක්ම දිවගිය මෙම තරගයේදී සනත් ජයසූරිය, කෞෂල්‍ය වීරරත්න සහ චින්තක ජයසිංහ දැක්වු දක්ෂතා කැපී පෙනුනා.

රායිපූර්හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 4ක් දැවී ලකුණු 181ක් රැස් කළා. ඔවුන් අවසන් පන්දුවාර 10දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 104ක් රැස් කිරීම කැපී පෙනුනා. විරේන්ද්‍ර ෂෙවාග් ලකුණු 10කටත්, සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 30කටත් දැවී ගියා. යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ් සිං, පන්දු 41 කින් ලකුණු 60 ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් සමගින්. යූසුෆ් පතාන් පන්දු 36කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 62ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වුණා. පන්දු යැවීමේ දී රංගන හේරත්, සනත් ජයසූරිය, ෆර්විස් මහරූෆ් සහ කෞෂල්‍ය වීරරත්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලූ 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167 ක් පමණයි.

ඉනිම ආරම්භ කළ නායක තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය පළමු කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 62ක්. ඩිල්ෂාන් ලකුණු 21කටත්, චාමර සිල්වා ලකුණු 2 කටත් දැවී ගිය අතර, සනත් ජයසූරිය යලි සුපිරුදු රිද්මයට පැමිණෙමින් පන්දු 35කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 43 ක්. කෞෂල්‍ය වීරරත්න, පන්දු 15කින් ලකුණු 38ක් ලබා ගත්තේ හයේ පහර සහ හතරේ පහර 3 ක් එල්ල කරමින්. චින්තක ජයසිංහ පන්දු 30කදී ලකුණු 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී යුසුෆ් පතාන් සහ ඉර්ෆාන් පතාන් කඩුලූ 2 බැගින් දවා ගැනීම සමත් වුණා. තරගාවලියේ වීරයා තිලකරත්න ඩිල්ෂාන්. තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් නායක තිලකරත්න ඩිල්ෂාන් කියා සිටියේ ලංකාවේ සිටින සියලූ ක්‍රීඩා ලෝලීන්ට සිය ස්තුතිය පුද කරන බවයි. සිය කණ්ඩායම අවසන් මහ තරගය ජයගැනීමට උපරිම උත්සහ දැරුවා. මෙම තරගාවලියේ සිය ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතාවලින් සියලූදෙනාට සතුටු විය හැකි බවයි තිලකරත්න එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

ShareTweetSendShare

Related Posts

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)
Breaking News

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
40
රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි
Breaking News

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
37
රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය
Breaking News

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
44
මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ
Breaking News

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
10
ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට
Breaking News

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
38
තරුණයින් දෙදෙනෙකුට ඇතෙකු පහරදෙන ආකාරය (VIDEO)
Breaking News

තරුණයින් දෙදෙනෙකුට ඇතෙකු පහරදෙන ආකාරය (VIDEO)

2021-04-20
126
Next Post
අපේක්ෂා රෝහලේ විකිරණශීලි කාමරයක හෙදියන් දෙදනෙකු සිර කරලා : රෝහලේ සේවකයෙකු අත්අඩංගුවට

අපේක්ෂා රෝහලේ විකිරණශීලි කාමරයක හෙදියන් දෙදනෙකු සිර කරලා : රෝහලේ සේවකයෙකු අත්අඩංගුවට

රංජන්ට අවුරුදු 04ක් සිර දඬුවම් ස්ථිරයි : මෝසම ප්‍රතික්ෂේපයි

රංජන්ට අවුරුදු 04ක් සිර දඬුවම් ස්ථිරයි : මෝසම ප්‍රතික්ෂේපයි

Discussion about this post

MORE LOCAL NEWS

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
0
40

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර...

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
0
37

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...

රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
0
44

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක්...

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
0
10

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
0
38

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
67
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
22
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk