සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතයි.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර 2යි මාස 6කට පමණ පසුව වීම විශේෂත්වයකි.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් වරට එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ 2017 වසරේදීයි.

ඒ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර එක්දින තරගයි.

ඉන් අනතුරුව වසර 2යි මාස 6කට ආසන්න කාලයක් එම ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැති වීම විශේෂත්වයකි.

ඒ අනුව අද පස්වරු 2යි 30ට දිවා රාත්‍රී තරගයක් ලෙස ශ්‍රී ලංකා – කොදෙව් දෙවන එක්දින තරගය ආරම්භ වන්නේ නැවතත් හම්බන්තොට දිස්ත්‍රික්කයට ක්‍රිකට් වසන්තය උදා කරවමින්ය.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

ඒ අනුව එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

මෙන්න බලන්න තවත් පුවත්