නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ‍්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් දැඩි පසුබෑමකට ලක්වී තිබෙනවා.ඉකුත් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ රිදී පදක්කම් ලබාගත් එම කණ්ඩායම් 02 ට මෙවර සිදුව ඇත්තේ ලෝකඩ පදක්කම සඳහා තරග වැදීමටයි.

කියුබානු වොලිබෝල් පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් සිදුකළ ශ‍්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් සිය ගෞරවය රැකගැනීම සඳහා අද (02) ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.ඒ අනුව ශී‍්‍ර ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව අද තරග වදින අතර ශී‍්‍ර ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම ලෝකඩ පදක්කම වෙනුවෙන් මාලදිවයිනට එරෙහිව අද තරග වදිනු ඇති.

මෙන්න බලන්න තවත් පුවත්