කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවෙන් පිටවන ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් බ්‍රිතාන්‍ය සංචාරකයන්ගෙන් ඉල්ලා තිබේ.

සමාජ මාධ්‍යහි පණිවුඩයක හල්ටන් සඳහන් කරන්නේ බොහෝ බ්‍රිතාන්‍ය සංචාරකයන් නැවත සිය රට බලා යාමට එක්සත් රාජධානියේ රජයේ උපදෙස් පිළිගෙන ඇති බවත් අවැසි සියළුම ගුවන් ගමන් සූදානම් බවත් ය.

සාමාන්‍යයෙන් එක්සත් රාජධානියේ වෙසෙන සියලුම බ්‍රිතාන්‍ය ජාතිකයන් දැන් එක්සත් රාජධානියට පැමිණිය යුතු යැයි එක්සත් රාජධානියේ රජය උපදෙස් දී ඇති බව ඇය නැවත අවධාරණය කළාය.

“කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ගෝලීය වශයෙන් සෞඛ්‍ය සේවාවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලංකාවේ බරපතල ව්‍යාප්තියක් එකවර සිදුවුවහොත් ඒ වන විට රටින් පිටත්ව යාමට ලබා ගත හැකි ගුවන් ගමන් විකල්ප මොනවාදැයි අපට සහතික කළ නොහැක. ”

යාවත්කාලීන ගුවන් ගමන් තොරතුරු සඳහා www.gov.uk/foreign-travel-advice/sri-lanka/coronavirus හි සංචාරක උපදෙස් අනුගමනය කරමින් යාවත්කාලීනව සිටීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සියලුම බ්‍රිතාන්‍ය සංචාරකයන් දිරිමත් කරයි.

කටාර් එයාර්වේස් මේ වන විට කොළඹ සිට දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

මෙන්න බලන්න තවත් පුවත්