ඉතිහාසයේ ප්‍රථම වරට සධාතුක කරඬුව දේවාරාභරණ ශ්‍රී පාදස්ථානය වෙත  වැඩමවීම සඳහා මෙවර මාර්ග හතරක් ඔස්සේ පෙරහර සංවිධානය කොට ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවැසූහ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යයාල ශ්‍රවණාගාරයේදී  පැවති 2019-1020 ශ්‍රී පාද සමය වෙනුවෙන් පැවති සාකච්ඡාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ලබන දෙසැම්බර් පොහෝ දිනයෙන් ආරම්භ වී 2020  මැයි මස පොහෝ දිනයෙන් අවසන් වීමට නියමිතය. දෙසැම්බර් 09 වන දින ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව ඇතුළු දේව ප්‍රතිමා විශේෂ නැකතකට අනුව එළියට වැඩමවා චාරිත්‍රානුකූලව තේවාවන් කර 10 වන දින අළුයම ශ්‍රී පාද රජමහා විහාරයේ සිට දේව පෙරහැර 04ක් ඔස්සේ ශ්‍රී පාදය කරා ගමන් ඇරඹීමට නියමිත අතර දෙසැම්බර් 11 දිනට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ශ්‍රී පාද වාරය ආරම්භ වීමට නියමිතය.

මෙන්න බලන්න තවත් පුවත්