අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ එළඹේන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයකට අනුවයි.

අද(06) උදෑසන ඔවුන් නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

ශ්‍රීලක්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අල්ලස් මුදලක් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්