කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ලොව පුරා රටවල් වසා දමා ඇති තත්වයක් තුළ, බෙලාරුස්හි ඒකාධිපති ජනාධිපතිවරයා පුරවැසියන්ගෙන් වොඩ්කා පානය කරන ලෙසත්, සෝනා (හුමාල ස්නානය) වෙත ගොස් නිදහසේ සිට නැවත රැකියාවට යන ලෙසත් වගකීම් විරහිතව පවසයි.

ලොවපුරා පැතිර යන වසංගතය පාලනයට හොඳම මග ලෙස ජනතාව හුදකලාවී සිටීම ලොව පුරා සෞඛ්‍ය අංශ අනුමත කර ඇති තත්ත්වයක් තුල එම රටේ ජනාධිපතිවරයාගෙ මෙම හැසිරීම ලොවපුරා දැඩි විවේචනයට ලක්ව ඇත.

නැගෙනහිර යුරෝපීය රට වන බෙලාරුස් හි දේශසීමා විවෘතව පවතින අතර ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ කොරෝනා වෛරස් වසංගතය නොසලකා හැර ඇත.

ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය, රුසියාව සහ යුක්රේනය මායිම් වන රටක් වන බෙලාරුස් හි 152 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇත

මෙන්න බලන්න තවත් පුවත්