අගමැති බොරිස් ජොන්සන් රෝහල්ගත කර ඇතැයි බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළේය..

අගමැතිවරයා පසුගිය ජනවාරි මාසයේ 27වැනිදා ආසාදිත බවට හඳුනාගැණුනු අතර එතැන්පටන් ස්වයං නිරෝධානයේ නිරතවූ අතර ඔහු රෝහල්ගත කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබත් මහා රැජිණ, ඊයේ දිනයේදී ජාතිය අමතා විශේෂ  ප්‍රකාශයක් කිරීමට කටයුතු කළේය.

එහිදී ඇය අවධාරණය කර සිටියේ, ගෝලීය වසංගතයට එරෙහි සටන ජයගැනීමට බ්‍රිතාන්‍ය සමත්වනු ඇති බවයි.

සිය ආදරණීයයන්ගෙන් වෙන්වීම ඉතාමත් සංවේදී සහ වේදානාත්මක බවත්, එය දෙවැනි ලෝක සංග්‍රාමය සිහිපත් කරවන බවත් රැජිණ මෙහිදී පවසා තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්