වූහාන්හි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයින් 33 දෙනා තවදුරටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය මෙසේ ද පැවසීය.
“චීනයත් ශ්‍රී ලංකාවත් මිත්‍රත්වයෙන් කටයුතු කරපු රටවල් දෙකක්. ඒ එකිනෙකාට ඇති ගෞරවය නිසාම තමයි ලෝකයේ 4 වන රාජ්‍ය විදිහට අපේ දරුවන්ව වූහාන් ඉදලා අපිට නිදහස් කරගෙන එන්න පුළුවන් වු‍ණේ.
චීනය හැමදාම ලංකාවට දක්වපු මේ හිතවාදීභාවය අපි කිසිසේත් පළුදු කරගත යුතු නෑ ඔවුන් පීඩාවකට පත්ව සිටින අවස්ථාවේ.
මේ රෝගය පැතිරීම වැළැක්වෘමට ගතයුතු පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අමාත්‍යාංශ ගනිමින් සිටින අවස්ථාවේ චීන වැසියන් කොන් කිරීමකට ලක් නොකර එකිනෙකා අතර තිබු සුහදතාවය දිගින් දිගටම රැගෙන යමු.

වුහාන් සිටි පැමිණි දරුවන් දියතලාව කඳවුරේ සෞඛ්‍ය පරීක්ෂණවලට නිරන්තරයෙන් ලක් වෙමින් සිටිනවා.
කිසිම අවස්ථාවක පිටරට සිට එන විට ගුවන් යානයේ දී ඇතිවන පොඩි හෙම්බිරිස්සාවක්වත් ඔවුන්ට නෑ.
ඒ කිසිම දරුවෙකුට අද දක්වා කිසිම රෝග ලක්ෂණයක් හෝ රෝගය වැළඳී ඇති බවට කිසිම සාධකයක් නෑ.”

මෙන්න බලන්න තවත් පුවත්