කොවිඩ් නයින්ටීන් වෛරසය සමග සටන් වදින වූහාන් නගරය පිළිබඳව චීනයේ සී ජී ටී එන් නාලිකාව වාර්තා වැඩසටහනක් නිර්මාණය කර තිබේ.

ඉතා සංවේදී වැඩසටහනක් වන එය නම්කර තිබෙන්නේ “එපිසෙන්ටර් – ටුවෙන්ටි ෆෝ අවර්ස් ඉන් වූහාන්” යනුවෙන්.

නව කොරෝනා එනම් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වු‍ණේ චීනයේ හුබෙයි පලාතේ පිහිටි වූහාන් නගරයටයි.

මේ වනවිට එම නගරය මුළුමනින්ම වසාදමා මාසයකට ආසන්න කාලයක් ගතව තිබේ.

එහි වෙසෙන ජනතාව සහ ඔවුන් මුහුණදී සිටින අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුකරවීම සදහා චීනයේ සුප්‍රකට CGTN නාලිකාව විශේෂ වැඩසටහනක් නිෂ්පාදනය කර තිබුණි.

වැඩසටහන නම්කර තිබුණේ එපිසෙන්ටර් – 24 අවර්ස් ඉන් වූහාන් එනම් අපිකේන්ද්‍රය – වූහාන් හි පැය 24ක් යනුවෙන්.

පසුගිය 17වැනිදා විකාශය කෙරුණු මෙම වැඩසටහන මගින් වූහාන් හි හුදෙකලාව පසුවන ජනතාව නව කොරෝනා වෛරස ආසාදනය සමඟින් සටන් කරන අයුරු නිරූපණය කෙරුණි.

පළමු කොරෝනා වෛරස ආසාදිතයා වාර්තාවීම, වේගයෙන් වෛරසය ව්‍යාප්තවීම, ඉන් කැපී පෙනෙන තරමේ පිරිසක් මියයාම හා එහි අතුරු කතා රැසක් වීඩියෝපටයේ සටහන්ව තිබුණි.

වෛරස ව්‍යාප්තිය පාලනයට නගරය වෙත හා ඉන් පිටතට ගමනාගමනය තහනම් කිරීමත්, වරාය, දුම්රියපොළ, බස්නැවතුම්පොළ සහ ගුවන්තොටුපොළ ආදිය වසාදැමීමත්, ඒ සමගින් ක්‍රියාත්මක වුණු නිරෝධායන ක්‍රියාවලිය යටතේ වූහාන්හි ජනතාව දුෂ්කරතාවලට මුහුණදුන් ආකාරයත්, එහි මනාව සටහන් දැක්වෙයි.

එය ඉතාමත් සංවේදී වාර්තා වැඩසටහනක් වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්