නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ වුහාන් ප්‍රදේශයේ රැඳී සිටි පළමු රුසියානු ජාතිකයින් පිරිසක් සිය මව් රට බලා පිටත්ව ගොස් තිබේ. 

78දෙනෙකුගෙන් සමන්විත එම පිරිස අද (05) චීනයේ වුහාන් සිට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ඔවුන් සති දෙකක කාලයක් නිරෝධායන කටයුතු සඳහා සයිබීරියාවේ රැදවුම් මධ්‍යස්ථානයක රදවා තැබීමට නියමිතයි. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් මියගිය පිරිස 500 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 25000කට පමණ එම වෛරසය අසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙන්න බලන්න තවත් පුවත්