කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරය පුරා මාස ගණනක් වසා දැමීමෙන් පසුව අද(07) දින යළි විවෘත කර තිබේ.

මේ අතර පසුගිය මාර්තු මස 28 දා චීනයේ වුහාන් නගරය අර්ධ වශයෙන් යළි විවෘත කිරීමට එරට රජය තිරීණය කළේය.

මාස දෙකකට අධික කාලයක් එම නගරයෙන් පිටවීම සහ එම නගරයට ඇතුළුවීම චීන බලධාරීන් විසින් අත්හිටුවා තිබුණි.

වෛරසයේ ව්‍යාප්තිය වළක්වා දින කිහිපයක් ගතවීමෙන් පසුව එම නගරය වෙත පිවිසෙන්නන් සදහා පමණක් අවස්ථාව ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

අද දින චීනයෙන් කිසිඳු කොරෝනා මරණයක් වාර්තා නොවූ අතර වුහාන් පළාතෙන් කිසිදු ආසාදිතයකු වාර්තා වී නොතිබුණි.

නගරය මෙලෙස විවෘත වීමත් සමඟ නගරයට පැමිණීමට නොහැකිව සිටි විශාල පිරිසක් වූහාන් නගරය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.‍

මෙන්න බලන්න තවත් පුවත්