හිටපු කතානායකවරයකු, අමාත්‍යවරයකු මෙන්ම ආණ්ඩුකාරවරයකු වූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ වියෝව සැලවීමත් සමඟ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍යට සෝක පණිවිඩයක් එක් කර තිබුණා.
එය පහතින්
හිටපු කතානායකවරයකු, අමාත්‍යවරයකු මෙන්ම ආණ්ඩුකාරවරයකු වූ වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමාගේ හදිසි අභාවය සැලවීමෙන් මම අතිශය සංවේගයට පත්වූයෙමි.
හෙළ හවුලේ සාහිත්‍යධරයකු ලෙස හෙළ සාහිත්‍යයට අනූපමය සේවයක් ඉටු කළ වි.ජ.මු ලොකු බණ්ඩාර මහතා දේශපාලඥයකු ලෙස සිය මාතෘ භූමියේ අභිලාෂයන් වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත විය.
මහජන සේවය උතුම් කොට සැලකූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා මෙරට දේශපාලන යුග කිහිපයක නොමැකන මතකයකි.
රට ජාතිය උතුම් කොට සැලකූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ දේශපාලන දිශානතිය ද හැමවිටම ඒ හා බැඳි පැවතිණි.
දේශපාලඥයකු ලෙස පමණක් නොව සමීප සහෘදයකු ලෙස ද මා සමඟ එතුමා කටයුතු කළ අයුරු අදත් මට සිහියට නැගෙයි.
අතීත කතාවක රස බර මතක සමඟ හැඩවන සංවාදයකට වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා නැවත නොඑන බව ඇත්තය.
එහෙත් වි.ජ.මු නමින් ලාංකේය ජන සමාජය තුළ කථානායකවරයකු මෙන්ම ජනතා හිතෛෂී දේශපාලඥයකු සහ සාහිත්‍යධරයකු ලෙස ඔබ තැබූ ලකුණ කිසිදා මෙරට ජන හදවත් තුළින් මැකී නොයනු ඇත.
වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
14.02.2021
මහින්ද රාජපක්ෂ
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය
Discussion about this post