කොරෝනා වෛරසය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත් වීම තාවකාලිකව කල්දමන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය සඳහන් කළේ ශ්‍රීලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සදහා යොමුවන මැදපෙරදිග ඇතුළු ආසියානු සහ යුරෝපීය රටවල් රැසකට කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. 

ශ්‍රී ලාංකිකයින් ආරක්ෂ කර ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම සිදුකරන බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේය. 

එමෙන්ම වෛරසය පැතිර ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සේවයකරන රටවල තානාපති කාර්යාලවල කම්කරු අංශයන් වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනටමත් උපදෙස් ලබාදී ඇති බව එම කාර්යංශය සදහන් කළේය. 

ඒ අනුව තොරතුරු ලබාගැනීම සදහා එම රටවල තානාපති කාර්යාල විශේෂ දුරකතන අංකයන් ද හදුන්වා දී ඇති අතර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989ක්ෂණික දුරකතන අංකයට ඇමතීමෙන් ද අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව එම කාර්යංශය සදහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්