මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳීසිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
මාලදිවයිනේ සිට පුද්ගලයින් 42 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 74 දෙනෙකු, ඩුබායි සිට පුද්ගලයින් 82 දෙනෙකු අද (06) අලුයම එළෙස දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු නිරෝධායනය සඳහා කටයුතු කර තිබෙනවා.
මේ අතර ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පුරුව, චීනය යන රටවල්වලින් තවත් පිරිසක් හෙට (07) අලුයම දිවයිනට පැමිණීමට නියමිත බවද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
Discussion about this post