දේශීය කර්මාන්තයන්ට මුල්තැන දෙමින් විදුලිබල උපාංග රට තුළ නිෂ්පාදනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
ඒ, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්චාවකදී.
විදුලිය බෙදා හැරීමේ පද්ධතිය සඳහා අවශ්‍ය පරිවාරක දේශිය වශයෙන් නිෂ්පාදනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.
ඒවා ආනයනය කිරීම සඳහා මේ වනවිට විශාල මුදලක් වැය වනවා.
ඊට අදාළව සය පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, එහි වාර්තාව මසකින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට නියමිතයි.
Discussion about this post