අභාවප්‍රාප්ත විජය කුමාරතුංග මහතාගේ 33වන ගුණානුස්මරණ උත්සවය ඊයේ (16) පෙරවරුවේ කටුනායක සීදුව විජය කුමාරතුංග සමාධිය අසළදි පැවැත්වුණා.
ඒ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය කියා සිටියේ “අපි හදනවා. කවුරුහරි ඇවිත් විනාශ කරනවා. ඉතින් මේ රට කවදාවත් ඉදිරියට යන්න බෑ. තරුණ, උගත්, හොරකම් නොකරන, දේශපාලනය බිස්නස් එකක් නොකර ගන්න, අවංකව තමන්ගේ වියදමින් රටට වැඩකරලා ගෙදර යන කෙනෙක් ඕනේ. එක එක්කෙනාගෙ අත්වල එල්ලිලා යන දේශපාලනඥයින් ඉන්නෙකම් අපේ රට කරන්න බෑ. අපි හැදුවා, හැදුවා. ජීවිතයත් පරදුවට තියලා. දැන් ඔක්කොම අයෙත් අනෙක් පැත්තට හැරිලා. විජය හිටියා නම්.., විජය මං හිතන්නේ ගිහින් මුහුදට පනිනවා.”
Discussion about this post