මහවැලි ගඟ හරහා ඉදිකර ඇති හෙබරව ශ්‍රී ලංකා නිපෝන් මිත්‍රත්ව පාලම යට වැලි වලට යටවී තිබියදී මිනිස් ඇටසැකිල්ලක කොටස් හමු වී ඇත.
එම කොටස් පාසැලක , විශ්ව විද්‍යාලයක හෝ වෙනත් අධ්‍යන ආයතනයක රසායනාගාරයක පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කිරීමෙන් පසුව ඉවත්කළ ඇටසැකිල්ලක කොටස් බවට හඳුනාගෙන ඇතැයි ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා නිපෝන් මිත්‍රත්ව පාලමේ කුළුණු වල පාදම කොටස මේ දිනවල අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන අතර එම ස්ථානය හාරමින් සිටි කම්කරුවන් පිරිසකට වැලි වලට යටවී තිබූ මෙම ඇටසැකිල්ල හමුවී ඇත.

ඇට සැකිල්ල හමුවීමෙන් පසුව එම පිරිස මේ සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ට පොලීසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව පසුගියදා පොලිස් අපරාධ කොට්ඨාසය මඟින් මෙහි පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අදාළ ඇටසැකිලි කොටස් කම්බිවලින් එකිනෙක ගැටගසා තිබූ ආකාරය ද ඔවුන්ගේ නිරීක්ෂණයට කර තිබේ. කෙසේ වෙතත් අදාළ මළ සිරුර මේ වනවිට මහියංගන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත භාරදීමට කටයුතු කර ඇතැයිද ගිරාඳුරුකෝට්ට පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ

මෙන්න බලන්න තවත් පුවත්