වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ ගම්මාන රැසකට මේ දිනවල වනඅලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙලෙස ගම්වැදුනු වනඅලි විසින් ඊයේ (11) රාත්‍රි කාලයේ දී නිවාස දෙකකට ප්‍රහාර එල්ල කර ඇති අතර එමනිසා නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම  විනාශ වී තිබේ.

වනඅලි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම නිවෙස් දෙකෙහි කුඩා දරුවන් කිහිප දෙනෙකු සිට ඇත.

පසුගිය සතියක කාලය තුල පමනක් ආනපල්ලම ප්‍රදේශයේ නිවාස පහකට ආසන්න ප්‍රමාණයක් වනඅලි විසින් විනාශ කර ඇති අතර වගාවන් රැසක්ද විනාශ කර තිබේ.

පවතින විදුලි වැට කිසිදු නඩත්තුවකින් තොර වීම නිසා වනඅලි ගම්වදින බව ප්‍රදේශයේ ජනතාව පවසන අතර කඩිනමින් මෙම ගැටලුවට විසදුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්