වසර 5කට වැඩි කාලයක් සේවය ස්ථිර නොකළ සේවකයින් 1500ක් ස්ථිර සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය අද(10) විරෝධතාවයේ නිරත විය.

ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය, මරදානේ පිහිටි දුම්රිය මූලස්ථානය සහ දෙහිවල දුම්රිය ස්ථානය අසළ විරෝධතාවයේ නිරත වූ බව වාර්තා විය.

දුම්රිය සේවයට 2014 සහ 2015 වසරවලදී අනියම්, ආදේශක, තාවකාලික, සහන සහ කොන්ත්‍රාත් යන පදනමින් බඳවා ගත් 1500ක් මෙතෙක් ස්ථිර නොකළ බවට චෝදනා කරමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය මරදානේ පිහිටි ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී අද පෙරවරුවේ විරෝධතාවයක් ආරම්භ කළේය.

සේවකයින් දෙදෙනෙක් දුම්රිය ස්ථානයේ වහළය මත නැඟ විරෝධතාවයේ නිරත වූයේය.

මෙන්ම දූම්රිය වාත්තීය සමිති සන්ධානය කොළඹ කොටුව දුම්රිය පොළ අසල දී අද පෙරවරුවේ විරෝධතාවයක් ආරම්භ කළේය.

දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය හා රත්මලාන දුම්රිය කම්කරු සමිතිය ද එයට සහය පළ කර තිබේ.

මෙහිදී  අදහස් දැක්වු දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.බී. විතානගේ මහතා පවසා සිටියේ, මෙම පිරිස ස්ථීර කිරීම සඳහා නව චක්‍රලේඛන අවශ්‍ය නොවන බවයි.

අනතුරුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණි අතර, එහිදි ඔවුන්ගෙන් 5 දෙනෙකුට සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමි විය.

මෙන්න බලන්න තවත් පුවත්