ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුවයි.
ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටුකළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ හෝ කවර ස්වභාවයක වූවද සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා.
එම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි එහි දැක්වෙන්නේ.
Discussion about this post