වරාය තුල සිදුවන විවිධ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් එහි ස්ථාපිත කිරීමට වරාය අධිකාරිය තීරණය කර තිබෙනවා.
දීර්ඝ කාලීනව සිදුවන අක්‍රමිකතා හඳුනා ගැනීම සඳහා මෙම රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලය ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළා.
එමෙන්ම, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයට නව දොඹකර ගෙන්වීමේ කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ද නව තාක්ෂණයට ගැළපෙන ලෙස වරාය අධිකාරියේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම දොඹකර ගෙන්වීම් සිදුකරන බවයි.
Discussion about this post