කොරෝනා වෛරසයට ගොදුරුවූ අවුරුදු 102ක් වයසැති කාන්තාවක් සම්පුර්ණයෙන් සුවය ලැබු පුවතක් ඉතාලියෙන් වාර්තා වනවා.
මෙම කාන්තාව දින 20 කට අධික කාලයක් රෝහල් ගතව සිට සම්පුර්ණ සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව ජෙනොවෝ නගරයේ උතුරු ප්‍රදේශයේ ජිවත් වනවා.
ඉතාලියේ වෛද්‍යවරුන් මෙම කාන්තාවට හයිලෑන්ඩර් යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනු ලබනවා.
මේ වන විට කොරෝනා රෝගයෙන් ඉතාලියේ වයෝවෘද්ධ රෝගීන් විශාල පිරිසක් මිය ගොස් ඇති අවස්ථාවක මෙම වයස්ගත කාන්තාව වෛරසයෙන් සුවය ලැබීම ඉතා යහපත් පුවතක් වන බවයි එරට වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ.

මෙන්න බලන්න තවත් පුවත්