මෙරට වයස්ගතම කොරෝනා මරණය ඊයේ (07) ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, පීටර් කිරිංගොඩ මාවතේ පදිංචිව සිටි වයස අවුරුදු 103ක් වූ තිදරු මවක්.
අනාවරණය වී ඇත්තේ ඇය පසුගිය 06 වනදා නිවසේ දී මියයාමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට මෘත ශරීරය ගෙනවිත් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
ඊයේ (07) පස්වරුවේ දඩැල්ල ආදාහනාගාරයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඇයගේ අදාහන කටයුතු සිදුකර තිබෙනවා.
Discussion about this post