ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී පැවැත්වීමට නියමිතව පැවැති ලෝක ජංගම දුරකතන සම්මේලනය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

කොවිඩ් නයින්ටීන් ව්‍යාපෘතිය සීඝ්‍රවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති‍ බව විදෙස් වාර්තා පවසයි.

ලෝක GSMA දුරකතන සංගමය සංවිධානය කරන ලෝක ජංගම දුරකතන සම්මේලනය ලබන 24වැනිදා සිට 27වැනිදා දක්වා ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී පැවැත්වීමට නියමිතව පැවැතියේය.

අවදානම්සහගත ලෙසින් පැතිරයන කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය සලකා අදාළ සම්මේලනය අත්හිටුවීමට පියවර ගත් බව සංවිධායකයන් නිවේදනය කර තිබේ.

ලෝ ප්‍රකට ජංගම දුරකතන සමාගම් රැසක් සහභාගිවන මෙම සම්මේලනය වාර්ෂිකව පැවැත්වෙයි.

ඊට ලක්ෂය ඉක්මවූ පිරිසක් ද සහභාගි වන බවට සඳහන්.

කෙසේ නමුත් පවතින තත්ත්වය සලකා මෙවර සම්මේලනයට සහභාගි නොවීමට ඩචර්ස් ටෙලිකොම්, වුඩාෆෝන්, බීටී සහ නොකියා වැනි සමාගම් තීරණය කර තිබුණි.

එවන් කරුණු සලකා සම්මේනය අවලංගු කිරීමට සිදුවූ බව සංවිධායකයන් පෙන්වා දෙයි.

වඩාත් වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා මෙවන් ඉසව් රැසක් අත්හිටුවීමට බලධාරීන්ට සිදුවිය.

ඒ හැකිතාක්දුරට මහා පරිමාණ එක්රැස්වීම් මඟ හරින ලෙසින් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටීම හේතුවෙන්.

මේ බව ස්පාඤ්ඤා දේශීය සහ විදෙස් ජංගම දුරකතන ආයතන ද තහවුරු කළේය.

මෙන්න බලන්න තවත් පුවත්