2019 නව කොරොනා වෛරසය (2019-nCoV) නැත්නම් වුහාන් කොරොනා වෛරසය, RNA ගණයට අයිති වන කුඩා වෛරසයක්. මෙය මීට පෙර 2002 දී ඇති වූ SARS හා 2012 දී ඇති වූ MERS යන තත්වයන් සදහා බලපෑ කොරොනා වෛරස් ප්‍රභේදයක්.

MERS සහ SARS යනු කොරෝනා වෛරස් වර්ග වේ. Middle East Respiratory Syndrome (MERS) ලෙස 858ක් පමණ බිලිගත් අතර එය ප්‍රථම වරට 2012 දී සවුදි අරාබියේ ද පසුව මැද පෙරදිග , අප්‍රිකාව , ආසියාව සහ යුරෝපයේ වෙනත් රටවලත් පැතිර තිබෙනවා. 2014 අප්‍රියෙල් මාසයේදී පළමු ඇමරිකානුවා ඉන්දියාව්නා හි MERS සදහා රෝහල්ගත කල අතර තවත් අයෙක් ෆ්ලොරිඩා වලින් වාර්තා විය. දෙදෙනාම සවුදි අරාබියෙන් පැමිණ ඇත. 2015 මයි මාසයේදී කොරියාවේ MERS රෝගය පැතිර ගිය අතර එය අරාබි අර්ධදිවිපයේ පිටත සනාත වූ විශාලම අවස්තාව විය. 2003 දී Severe Acute Respiratory Syndrome (SARS) යෙන් පුද්ගලයින් 774ක් මිය ගිය අතර 2015 වන විට SARS රෝගීන් පිලිබද වැඩිදුර වාර්තා වී නොමැත.

2020 ජනවාරි මස මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව වර්ගයක් හඳුනා ගන්නා ලදී. 2019 නව කොරොන වයිරස් (2019-nCoV) චීනයේ ව්‍යාප්ත වූ වෛරසයයි. ගුවන්තොටුපල සංවේදක දර්ශක මගින් සංචාරකයෙකු හදුනාගැනීම එකසත් ජනපදයෙන් වාර්තා විය. මේ වන විට ඉන්දියාව සිංගප්පුරුව ආක්‍රමණය කරමින් පවතින අතර ලංකාවේද පළමු කොරෝනා ආසාදිතයා හමු වී අවසන්. දැනට (2020.01.29) ලෝකයේ කොරොනා වෛරස් ආසාධිතයන් ගණන 6.057 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 132ක් පමණ වාර්තා වෙලා තියෙනවා.

මූලිකවම මේ රෝගය ආසාදනය වන්නේ ශ්වසන පද්ධතියටයි. ඒ අනුව කැස්ස, හෙම්බිරිස්සාව සහ උණ ඇති වෙන්න පුලුවන්. පසුකාලීනව ශ්වසන අපහසුතා සහ නි‍යුමෝනියා තත්වයක් දක්වා වර්ධනය විය හැකියි. දැනට මිනිසාගෙන් මිනිසාට ශ්වසන පද්ධතිය හරහා පැතිරීම සිදුවන බවට තහවුරු කරගෙන තිබෙනවා. ඒ සෙම බිඳිති (respiratory droplets) වශයෙන් සුලඟ හරහා. ආසාදනයවූ අයෙක් කිවිසුමක් ඇරියොත් මේ සෙම බිඳිති විශාල ප්රමාණයක් අවට පරිසරයට මුදාහැරෙනවා. පැතිරීමට සජීවී වාහකයෙක් අවශ්‍යයි. ප්රශස්ත පරිසරයකදී පැය 24-36ක් වැනි කාලයකට වඩා වෛරසයට තනිව ජීවත් වීමට නොහැකියි.

රෝගය පැතිරීම පාලනය කරන්න අපිට කරන්න පුලුවන් දේවල් ලෙස කහින විට කිවිසුම් අරින විට මුඛය සහ නාසය ලේන්සුවක්/වැලමිට ආධාරයෙන් ආවරණය කරගන්න.
පුරුද්දක් විදියට අත් සබන්/මධ්‍යසාර ආශ්රිත handrub යොදා සෝදන්න.
ආසාදිත අයෙක් ස්පර්ශ වුනොත් වෙනකොහෙවත් අල්ලන්න කලින් කවදාවත් මුහුණ අල්ලන්න එපා.
සෙනඟ අතර ගැවසෙන එක අඩු කරන්න.
විශේෂයෙන් ගුවන්තොටුපොලවල් වගේ වැඩි අවදානමක් සහිත ස්ථාන.
ආසාදිත‍යන් හැකි සෑම අවස්ථාවක මඟහරින්න.
සත්ව ආහාර හොඳින් පිස ආහාරයට ගන්න.
අමු ආහාර ගැනීමෙන් වළකින්න.
සත්ව ගොවිපොලවල් ආශ්රිත ප්රදේශ මඟහරින්න.
ආසාදිතයෙක් නම් මුහුණු ආවරණයක් (face mask) භාවිතා කරන්න.
රෝග ලක්ෂණ දින තුනකට වැඩිනම්, විශේෂයෙන් ශ්වසන අපහසුතා ඇත්නම් ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
දක්විය හැකියි.

මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ උණ රෝගීන් හඳුනාගැනීමේ ස්කෑන් යන්තර සවිකර තිබෙනවා. නමුත් මතක තබා ගත යුතු වන්නේ මේ රෝගය ආසාදනය වී දින 14ක් වැනි කාලයක් රෝග ලක්ෂණ ඇතිවීමට ගත වෙන බව.

ඔබටත් සැක සහිත ඉහත සදහන් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

මුලාශ්‍ර – http://innovationdiscoveries.space/coronavirus-symptoms-causes-treatments-types/

මෙන්න බලන්න තවත් පුවත්