නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 14,611ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉතාලියේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 5476කි.

මේ අතර අමෙරිකානු සෙනෙට් සභිකයෙක්ද වෛරසයට ගොදුරුවී ඇති බව  ඊයේ නිවේදනය කළේය.

රටවල් 190 ක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසයෙන් අද වන විට  මරණ 14,611ක් වාර්තා වී ඇති අතර ලොව පුරා ආසාදිතයන් ගණන තුන් ලක්ෂ තිස්හය දහස ඉක්මවයි.

මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 97,636 කි.

වෛරසය මේ වන විට යුරෝපා කලාපයේ සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති අතර එහි බලපෑමට වැඩියෙන්ම ගොදුරුවී තිබෙන්නේ ඉතාලියයි.

පසුගිය පැය 24 තුලදී අලුතින් වාර්තාවූ මරණ 651ත් සමගින් එරට සමස්ත මරණ සංඛ්‍යාව 5476 දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත ආසාදිතයන් ගණන හැට දහසකට ආසන්නයි.

කෙසේ වෙතත් පසුගිය දිනට සාපේක්ෂව දිනක් තුළ වැඩිවූ මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙයි.

මරණ 3,456ක්ම වාර්තාවී තිබෙන්නේ වෛරසයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇති ලොම්බාඩි කලාපයෙන්ය.

මෙවන් පසුබිමක් තුළ රුසියාව සහ කියුබාව වෛද්‍යාධාර සහ සෞඛ්‍ය සේවක කණ්ඩායම් ඉතාලියට යැවීමට පියවර ගෙන තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්